මහර බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය ගණන ඉහළට
මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සිටි තවත් බන්ධනාගාර රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව එම සිදුවීමෙන් මියගිය රැඳවියන් ගණන 9ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේ ප්රතිකාර සඳහා ඇතුළත් කළ රැඳවියන් සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී තවත් 12 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ප්රතිකාර සඳහා යොමුකළ බන්ධනාගාර රැඳවියන් 38 දෙනෙකුට මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
