මහරගම අපේක්ෂා රෝහලේ 33දෙනෙකුට කොවිඩ්
මහරගම අපේක්ෂා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 33 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.
කෙසේ වෙතත් ඉන් කිසිදු රෝගියෙකුට රෝහල තුළදී වෛරසය ආසාදනය වී නොමැති බව අවධාරණය වේ.
ඒ හේතුවෙන් ප්‍රතිකාර සඳහා අපේක්ෂා රෝහලට පැමිණීමේදී අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව රෝහල් අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
