මහරගම දන්ත රෝහල් සේවිකාවකට කොවිඩ්
මහරගම දන්ත රෝහලේ සේවිකාවකට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (30) තහවුරු වී ඇතත් රෝහලේ කිසිදු පුද්ගලයකුගේ පී.සී.ආර්. පරීක්ෂණ මෙතෙක් සිදුකර නැතැයි රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ ‘අරුණ’ ට පැවසීය.
පසුගිය 27 වැනිදා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එම සේවිකාවට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
එහෙත් ඇය පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර ප්‍රතිඵල වාර්තා පැමිණීමට පෙර සේවයට වාර්තා කර ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් රෝහල් අධ්යක්ෂවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රෝහලේ හදිසි ප්‍රතිකාර පමණක් සිදු කරන බවත් කොවිඩ් ආසාදිත සේවිකාවගේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (02) දිනයේදී සිදුකරන බවත්ය.
චාමර පල්ලේගෙදර
