News

මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරේ

කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් පස්දෙනෙකු හඳුනාගෙන ඇත.

ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ රෝග ව්‍යාප්තිය පාලනය කිරිම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

මේ අනුව කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් 27ක් සොයාගෙන ඇත.

සංචරණ සීමා පැනවිමෙන් පසු කණ්ඩායම් තුනක් යොදවා රැපිට් ඇන්ටිජන් පරික්ෂණ හා පී.සී.ආර්.පරික්ෂණ සිදු කිරිමට විධි විධාන යොදා ඇති බව ත්‍රිකුණාමල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම් .කොස්තා මහතා පැවසීය.