News

මාගාල්ලේ ෆැක්ටරියක 4කට කොවිඩ්

ගාල්ල මාගාල්ල පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් හතර දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

පෞද්ගලික රෝහලකින් එහි සේවකයන් 237 දෙනකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති අතර එහි දී මේ බව අනාවරණය වී ඇත.

ඒ අනුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කර ඇත.

ඔවුන් සිව්දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් හා රුධිර සාම්පල් ලබාගෙන නැවත පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කර තිබේ.

මෙම ආසාදිතයින් සිව් දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමට මෙන්ම ආසාදිත පොකුර හඳුනා ගැනීම සඳහා නැවත පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ බවත්, රුධිර සාම්පල් ලබාගත්තේ ප්‍රතිදේහ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේය.

එච්.එම්. සමන් – අක්මීමන