මාධ්‍යවේදීන් දෙදෙනකු රඳවාගෙන දසවද දුන් නොර්වේ පුරවැසියට ඇප
මුලතිව් වනාන්තරේ සිදු කළ මහා පරිමාණ වන විනාශයක් වාර්තා කිරීමට ගෙස් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකු රදාවා තබාගෙන අමානුෂික පහර දීම සම්බන්ධයෙන් බන්ධාරගත කළ නෝර්වේ පුරවැසියා ඇප පිට නිදහස් කර ඇත.
මෙම අමානුෂික ප්‍රහාරයට ලක් වී තිබුණේ අද දෙරණ මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදී ශම්මුගන් තවශීලන් හා වීර කේසරී මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් යන අයයි.
මාධ්‍යවේදීන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දීම, ඔවුන්ට මරණ තර්ජන එල්ල කිරීම හා වන රක්ෂිතය තුළ නීතිවිරෝධී දැව ජාවාරම සම්බන්ධයෙන් පටිගත කොට ඇති වීඩියෝ සාක්ෂි ඉවත් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද ඔස්ලෝ වාසී තිශාන්තන් රාජේන්ද්‍රන්ට ඇප නියම කර ඇත්තේ මුලතිව් උසාවිය මගිනි.
මොහු සමග එක් වී මෙම ප්‍රහාරය සිදු කළ අනෙක් සැක කරුවන් ලෙස අත්අඩංගුවට ගත් යෝගේෂ්වරන් අනුජන්, කුමාරවේල් සෞන්දකුමාර් සහ මහේන්ද්‍රන් ලෝකීසන් දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙති.
රජයට අයත් මෙම කැලෑකොල්ලය දේශපාලන රැකවරණය හා බීට්ටු වන අඩවි නිලධාරියකුගේද සහය ඇතිව කාලාන්තරයක් තිස්සේ සිදු කරගෙන යන බවට ලද තොරතුරු අනුව මෙම මාධ්‍යවේදීන් දෙදෙනා මේ ගැන සොය බැලීමට ගොස් සිටින අවස්තාවේදී මෙම ප්‍රහාරයට ලක් වී තිබුණි.
තමන්ට අත් විඳන්නට වූ අමිහිරි අත්දැකීම පිළිබද අද දෙරණ මාධ්‍ය වේදීයා කියන කතාව පහතින් අහන්න

අද දෙරණ මුලතිව් වාර්තාකරු – ශම්මුගන් තවශීලන්

වීර කේසරී මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්

බීට්ටු වන අඩවි නිලධාරියා (රතු කමිසයක් ඇද සිටින පුද්ගලයා)

ඔස්ලෝ වාසී තිශාන්තන් රාජේන්ද්‍රන්

මැතිවරණ රැළියක් සූදානම් කළ අවස්ථාවක් – බීට්ටු වන අඩවි නිලධාරියා ද ඡායාරූපයේ (රතු කමිසයක් ඇද සිටි)

මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරුවෙක්
