මාර්තු, අප්‍රේල් සහ මැයි විදුලි බිල්පත්වලට ආණ්ඩුවෙන් සහනයක්
මෙම වසරේ මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා වන විදුලි බිල්පත් සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ මාසවලට ගෙවිය යුත්තේ පෙබරවාරි මාසයේ ලැබුණු බිල්පතේ ගාස්තුවම බව විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
අද එම තීරණයට එළැඹි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ලැබෙන අතර එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක් ද ලබාදෙන බවයි.
