News

මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් පැමිණෙයි

මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදීසිටි ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් අද (16) දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මාලදිවයින තුළ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

දිවයිනට පැමිණි එම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කර තිබේ.