මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානිකළ අයෙක් අත්අඩංගුවට
මාවනැල්ල හිගුල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වීදුරු ආවරණයට අලාභහානි කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
වයස අවුරුදු 30ක් පමණ වන මෙම සැකකරු පසුගිය 28 වැනි දින මෙම අලාභහානිය සිදුකර ඇත.
සැකකරු පේරාදෙණිය රෝහලේ සිට කෑගල්ල දක්වා පැමිණෙමින් සිටි අතරතුර එම බුදු කුටිය තුළ තිබූ මුදල් සොරකම් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ අදාළ සැකකරු විසින් මීට පෙර පිං කැට බිද මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූඅයෙක් බවයි.
