මාළු යාළුවෝ බලා ගත්ත පොලිස් නිල දරුවටත් කොරෝනා
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළේ පොලිස් මුරපොළට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ආශ්‍රිතව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ පොලිස් මුරපොළේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් ගේද පී.සී.ආර්. පරීක්ෂණ පසුගිය දා සිදු කර ඇති අතර ඒ අනුව අදාළ පොලිස් මුරපොළේ පොලිස් කොස්තාපල්වරයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.
