මැතිවරණයදා කොවිඩ් හුදෙකලා කිරීමක් වුණොත් කරන දේත් හිතයි
මහ මැතිවරණය පැවැත්වෙන දිනයේ දී කොවිඩ් වයිරසය ව්‍යාප්ත වූ ප්‍රදේශයක් හුදකලා කිරීමට සිදු වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ගය හා නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින අයට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පෙරේදා (06දා) රාත්‍රියේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, කොවිඩ් ජාතික ක්රියාත්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු සෞඛ්‍ය හා මැතිවරණ නිලධාරීන් සමඟ මෙම සාකච්ඡාව පෙරේදා (06දා) පස්වරුවේ පවත්වා ඇත.
මහ මැතිවරණය පැවැත්වෙද් දී ගමක් හෝ නගරයක් හුදකලා කිරීමට සිදු වුවහොත් ගතයුතු ක්‍රියාමාර්ගයද මෙහි දී සාකච්ඡාවට ලක් වී ඇතැයි ඉහළ නිලධාරියකු අනාවරණය කළේය.නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට ඡන්දය භාවිතා කිරීමට සිම් පතක් නිකුත් කර එමගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම ගැන ද මෙහි දී සාකච්ඡා වී තිබේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
