News

මැදපෙරදිග ලාංකිකයන් පිරිසක් දිවයිනට

මැදපෙරදිග රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 472 දෙනෙකු දිවයිනට පැමිණි බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 405 දෙනෙකු ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන විශේෂ ගුවන් යානයෙන් අද(11) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට සිට ශ්‍රී ලාංකිකයන් 67 දෙනෙකු අද(11) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි

ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපොළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව පෞද්ගලික සංචාරක හෝටල්වල නීරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.