News

මැදපෙරදිග ලාංකිකයන් පිරිසක් දිවයිනට

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් කටාර් සහ සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 231 දෙනෙකු අද (28දා) අලුයම දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් එරට සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් රාජ්‍යයේ දෝහා සිට එරට සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 22 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

සෞදි අරාබියේ දමාම් සිට එරට සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 165 දෙනෙකු සහ තවත් කුඩා දරුවන් දෙදෙනෙකු ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ගුවන් මගීන් සියලු දෙනාම මෙම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.