මැනිං වෙළඳපොළ මාරාන්තික උපවාසය
පෑලියගොඩ මැනිං වෙළඳපොළ සංකීර්ණයට අයත් වෙළඳසැල් නිසි ලෙස දෙන ලෙසට බලකරමින් එම ව්‍යාපාරික පිරිස ආරම්භකළ විරෝධතාව අද (11) දෙවන දිනටත් ක්‍රියාත්මක කිරීම සිදුකෙරෙනවා.
ඊයේ (10) දිනයේ උපවාසය ආරම්භා ඇති අතර ඊයේ පස්වරුව වනතුරුත් ඔවුන්ගේ ගැටලුවට පිළිතුරු නොලැබීම නිසා වෙළඳුන් මාරාන්තික උපවාසයේ නියැලෙන බවයි පැවසෙන්නේ.
එසේම අද ගැටලුව සම්බන්ධයෙන් පිළිතුරක් නොලැබෙන්නේ නම් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන උපවාසයක් සඳහා සහය පළකිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් මැනිං වෙළඳපොළ ව්‍යාපාරික ප්‍රජාව සඳහන් කරනවා.
