News

මිල්ලණිය සහ මොරොන්තුඩුව පොලිස් නිලධාරීන් 2ක්ට කොවිඩ්

මිල්ලණිය සහ මොරොන්තුඩුව යන පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ මිල්ලණිය සහ මොරොන්තුඩුව යන පොලිස් ස්ථානවල නිලධාරීන් 100කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර තිබේ.

පවතින තත්ත්වය තුළ මිල්ලණිය සහ මොරොන්තුඩුව යන පොලිස් ස්ථාන සඳහා වෙනත් පොලිස් නිලධාරීන් කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබේ.