මීගමුව කොවිඩ් හැදුණු යුවළගේ කඩෙන් බඩු ගත්තේ කවුද?
මීගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒ වෙළෙද සංකීර්ණයේ පිහිටි රෙදිපිළි අළෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් සහ ඔහුගේ බිරිඳ හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මීගමුව නගර සභා වෙළෙද සංකීර්ණය වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ඔවුන්ගේ වෙළෙද සැලට ආසන්නයේ පිහිටි සෙසු වෙළෙදසැල් වසා දැමීමට පියවර ගෙන ඇත.
එහි සිටි පුද්ගලයින් 100 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ හෙට(20) දිනයේ සිදු කිරීමට සැලසුම් කොට තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
මෙම ව්‍යාපාරික ස්ථානයෙන් රෙදි මිලදී ගනු ලැබූ පාරිභෝගිකයින් කවුරුන්ද යන්න සොයා බලමින් සිටින අතර ඔවුන්වද PCR පරීක්ෂණ සිදුකිරිමට අවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
මෙම ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයද ඔක්තෝම්බර් මස පළමු සතියේදී පවත්වා ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇත.
