News

මීගමුව මහ නගර සභාවේ 13කට කොවිඩ්

මීගමුව මහ නගර සභාවේ සේවකයන් 13 දෙනෙකුට අද (21) දින වන විට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මීගමුව මහ නගර සභාවෙන් මුලින් ම කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ මෙම මස 2 වන දා සිට මේ වන තෙක් එම ආයතනයෙන් ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී ඇත.

සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස එම ආසාදිතයන් වෙසෙන කම්කරු නිවාස පිහිටි ප්‍රදේශයට සංචරණ සීමා යොදා සති දෙකක පමණ කාලයක් තිස්සේ වසා දමා ඇති බව මීගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංගආරච්චි මහතා පැවසීය.