News

මුඛ ආවරණ නොමැතිව බස් රථ වලට නගින්න එපා – ගැමුණු කියයි

මුඛ ආවරණ නොමැතිව පැමිණෙන මගීන් බස් රථවලට නොගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.

මේ පිළිබඳව බස් රථ රියදුරන් සහ සහායකයින් දැනුවත්කර ඇති බව ඔහු සඳහන් කරනවා.

මගී ජනතාව බස් රථයට ගොඩවීමට පෙර මුඛ ආවරණය පැළඳසිටීම අනිවාර්ය යයි.

අද දින (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

තවද පොලිස් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලදී මගීන් බස් රථවලට නග්ගවා ගැනීම හෝ බැස්සවීම තහනම් බවද ඔහු සඳහන් කරනවා.