මුද්‍රණ සංස්ථාවට පෙළපොත් දෙන්නේ වත්මන් ප්‍රගතිය බලලා
ලබන වසරට අවශ්‍ය පාසල් පෙළපොත්වලින් වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට පවරන්නේ දැනට ලබාදී ඇති මුද්‍රණ කටයුතුවල ප්‍රගතිය අනුව බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවැසීය.
පෙළපොත් අවශ්‍යතාවෙන් සියයට හතළිස්පහක් මුද්‍රණය කිරීම රාජ්‍ය මුද්‍රණ සංස්ථාවට පැවැරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර, ඒ අනුව මුලින්ම පොත් වර්ග දෙකක් මුද්‍රණය කිරීමේ වගකීම එම සංස්ථාවට පවරා තිබේ.
එම පොත්වල මුද්‍රණ කටයුතුවල ප්‍රගතිය ගැන අවධානයෙන් සිටින බවද අමාත්‍යාංශය පැවැසීය.
ඉතිරි සියයට පනස්පහක ප්‍රමාණය මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවන බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කීවේය.
ලබන වසර සඳහා පෙළපොත් මිලියන හතළිහක් පමණ මුද්‍රණය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන තුන්දහස් පන්සියයකි.
දෙසැම්බර් අවසානයට පෙර පෙළපොත් සිසුන් අතට පත් කිරීමට අපේක්ෂිතය.
නිලන්ත මදුරාවල
