මුලතිව්හිදී නිරෝධායනය වෙමින් සිටියදී ජීවිතක්ෂයට පත්වු දෙදෙනාගේ ආදාහනයේදී නොසන්සුන්තාවක්
කොළඹ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ප්‍රදේශයේදී සිටියදී නිරෝධායන වෙනුවෙන්මුලතිව්,කේප්පාපිලව්,ගුවන් හමුදා කඳවුර වෙත ගෙනැවිත් සිටියදී ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඊයේ(02) සවස මුලතිව් ප්‍රදේශයේදී නොසන්සුන්තාවයක් හටගෙන තිබිණ.
නිරෝධායන මධ්‍යස්ථානය තුළ සිටියදී ඇතිවු රෝගී තත්වයක් මත වයස අවුරුදු 82 ක් හා වයස අවුරුදු 80 ක් වු පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබු අතර,මියගිය පුද්ගලයින්ගේ සිරුරු කොරෝනා නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ නියෝග කොට තිබිණ.
එහෙත් මුලතිව් ප්‍රදේශයේදී විදුලිබලයෙන් ක්‍රියාත්මක වන අදාහානාගාරයක් නොමැති බැවින් මළ සිරුරු මුලතිව්,මුල්ලියාවේ කනත්තේදී දර යොදා පිළිස්සීමට නියමිතව පැවතිණ.
සෞඛ්‍ය අංශ නිරෝධායන නීති අනුව ආදාහනය කරන ලෙසට පවසා ඇති අදාළ මළ සිරුරු මුලතිව් මුල්ලියාවේ කනත්තේදී දර යොදා පිළිස්සීම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බැව්න් ප්‍රදේශවාසීන් ඊට විරුද්ධත්වය පළ කළහ.
ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය හමුවේ මළ සිරුරු දර යොදා ආදාහනය කිරීමට ඊයේ(02) සවස් වන තෙක් නොහැකිවු අතර, ඊයේ(02) රාත්රියේදී මුලතිව් සෞඛ්‍ය අංශ,පොලිසිය හා මුලතිව් ආරක්ෂක අංශ මැදිහත්වි මළ සිරුරු දර යොදා ආදාහනය කළ බවයි.
මුල්ලියාවේලි ජනතාව පැවසූවේ අදාළ මළ සිරුරු තම කනත්තේ ආදාහනය කිරීම ගම්වාසීන් කිසිවෙකු අනුමත නොකරන බවයි.
මළ සිරුරු ආදාහනය කිරීමට ගම්වාසීන් විරුද්ධවීම හේතුවෙන් තත්වය පාලනය කිරීමට පොලිසිය කැදවීමටද සිදුව තිබිණ.
වවුනියාව – මාධව කුලසූරිය.
