News

මුහුණු ආවරණ සැපයූ පුද්ගලයෙක් නිසා නුගේගොඩ ඖෂධ අලෙවි සැලක් වැසෙයි

කොරෝනා වෛරසය ආසාධනය වූ කොටහේන ප්‍රදේශයේ කාන්තාවගේ පුත්‍රයා විසින් අලෙවි කිරීම සදහා මුහුණු ආවරණ සපයා තිබූ නුගේගොඩ ප්‍රදේශයේ ෆාමසියක් වසා තැබීමට කොහුවල පොලීසිය විසින් ඊයේ (16) පියවර ගෙන ඇත.

කොහුවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. හැරිසන්ට ලද තොරතුරක් මත විමර්ශන සිදුකොට තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව මෙම ෆාමසිය තුළ තිබූ මුහුණු ආවරණ සියල්ල විනාශකොට දැමීමටද පියවර ගෙන තිබුණි. කොටහේන ප්‍රදේශයේ පුද්ගලයා විසින් ලබාදුන් මෙම මුහුණු ආවරණ අලෙවි කොට නෙමැති බවටද විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇත.

හේමන්ත ලියනපතිරණ