මුහුණු පොතෙන් සංඝරත්නයට අපහාස කළ පුද්ගලයා අත්අඩංගුවට
මුහුණු පොත උපයෝගී කොට ගනිමින් මහ සංඝරත්නයට අපහාස වන අන්දමේ ඡායාරූපයක් යොමුකළ උඩවෙල නාඩියතලාව දන්තුරේ පදිංචි පුද්ගලයකු මහනුවර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පසුගියදා දන්තුරේ නාඩිතලාව ප්රදේශයේ පැවැති උත්සවයකට අනුනාහිමිනමක් වැඩමවීම ප්රමාද වී ඇත. ඒ නිසා මෙම පුද්ගලයා උන්වහන්සේට අපහාසවන සේ ඡායාරූපයක් මුහුණු පොතේ පළකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය විය.
මහනුවර ගුන්නෑපාන ප්රදේශයේ පදිංචි අයකු මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසියට කළ පැමිණිල්ලකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමට අපහාස කිරීම හා ජනයා කුපිත කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 16 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
කමල් සුරවීර -මහනුවර
