මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවේ
මෙරට මුහුදු සිමාවට අනවසරයෙන් ඇතුළුවී ධීවර කරමන්තයේ යෙදුන ඉන්දීය ජාතිකයන් 36ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දීය ධීවර යාත්රා 05ක් නාවික හමුදා භාරය ගෙන තිබේ.
දිවයින වටා මුහුදු ප්රදේශ කිහිපයක් ආවරණය වන පරිදි කරන ලද විශේෂ මෙහෙයුමකදී ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු වැටලීමේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාර්තු මාසයේ සිට යම් සිමා වීමකට ලක්ව තිබුනා.
දිගින් දිගට මෙරට ධිවර ප්රජාවට වන බලපෑම් හමුවේ මෙම වැටලීම් සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් දින 14ක නිරෝධායනයට යොමුකර ඇත.
