මෙරට PCR පරීක්ෂණ දෙලක්ෂ තිස්දහස ඉක්මවයි
කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්ෂණ 2,39,907 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ (06) දිනය තුළ පමණක් PCR පරික්ෂණ 1,820 ක් සිදුකර ඇති බවයි.
ඒ අනුව අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 640 කි.
ඒ අතරට පුනරුත්ථාපනය වන රැඳවියන් 519 දෙනෙකු , කාර්ය මණ්ඩලය 67 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලය 05 දෙනෙකු , පවුල් හා සමීපතමයින් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් අයත් වේ.
