News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1880 ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ ඊයේ (12) පස්වරුවේ ආසාදිතයින් තිදෙනෙකු වාර්තාවීමත් සමගයි.

කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 673 කි.

ආසාදිතයින් 46 දෙනෙකු ඊයේ දිනයේ සුවය ලැබූ අතර මෙරට සුවය ලැබූ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1196 කි.