News

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 9000 ඉක්මවයි

මෙරට කොවිඩ්-19 ආසාදිතයින්ගේ මුළු සංඛ්‍යාව 9205ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ ඊයේ (28) දිනයේදී  මෙරටින් ආසාදිතයින් 335ක් හදුනාගැනීමත් සමගයි.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 5111 දෙනෙකු තවදුරත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, අසාදිතයින් 4075 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.