News

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය විවෘත වෙයි

මෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය වන මන්නාරම තම්බපවනී විදුලි බලාගාරය අද (08) ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තම්බපවනී සුළං විදුලි බලාගාරය විවෘත කෙරුණි.

මෙගාවොට් 103 ක ධාරිතාවක් ඒ යටතේ ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරෙන බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 135කි.

සුළං විදුලි බලාගාරය මගින් විදුලි ඒකකයක් රුපියල් 8ක් වැනි සුළු මුදලකට නිපදවිය හැකි බව ව්‍යාපාතියේ පරිසර සහ සමාජ ආරක්ෂණ නිලධාරී වේලු චන්ද්‍රෙස්කරන් මහතා සදහන් කරයි.