News

යතුරුපැදි අනතුරින් පිය පුතු දෙපළක් මරුට

 

යතුරු පැදියක ඉන්ධන ටැංකිය මත කුඩා දරුවකුද තබාගෙන යමින් සිටි අඹු සැමියුවලක් අද (21) අනතුරට පත්ව තිබේ. පිළියන්දල ජාලියගොඩ දී අනතුර සිදුව ඇති අතර සිදුවූ අනතුරින් දරුවා සහ දරුවාගේ පියා මියගිය බව පිළියන්දල පොලීසිය සඳහන් කරනවා.

මෙලස අනතුරට පත්ව මියගිය දරුවා ගමන් කර ඇත්තේ යතුරු පැදියේ ඉන්ධන ටැංකිය මත බව පැවසෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචි 32හැවිරිදි අයෙක් සහ වයස අවුරුදු 4ක් වයසැති දරුවෙක්.

අඹුසැමි යුවල පිළියන්දල දම්පේ නිවසක තාවකාලිකව නැවතී සිටින අතර ඊයේ (21) උදේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යොමුකර කර ඔවුන් රැකියාවට යාම සදහා කොළඹ දෙසට යමින් සිටිය දී අනතුර සිදුව ඇති බව පැවසේ.

හොරණ කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ මංතීරු දෙක වෙන් කිරීම සදහා යොදා තිබෙන මැද තිබූ විශාල මල් පෝච්චියක ගැටී අනතුර සිදුව ඇත.

අනතුර සිදු වීමට හේතුව නිශ්චිතව අනාවරණය කරගෙන නැති බව පොලීසිය සඳහන් කරනවා.