News

යතුරු පැදි ආනයනය තහනම්

එන්ජින් ධාරිතාව 450-1000 දක්වා ඇති යතුරුපැදි ආනයනය කිරීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත.

එහෙත් මේ පිළිබඳ කැබිනට් තීරණය ගැනීමට පෙර ආනයනය කළ යතුරුපැදි ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.

ඒ අනුව එම යතුරුපැදි ලියාපදිංචි කිරීම රුපියල් ලක්ෂ අටක අධිභාරයක් යටතේ සිදුකිරීමට නියමිතය.

ශිරන්තනි මානවඩු