News

යල සරුකරන්න බිලියන දහයක පොහොර

ඉදිරි යල කන්නයේ හෙක්ටයාර පන් ලක්ෂ විසිතුන් දහස් පන්සීයක කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් රුපියල් බිලියන දහයක මුදලක් වෙන්කර ඇත.

ඒ අනුව සැපයුම්කරුවන් වෙතින් පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් දහසක් කඩිනමින් මිලදී ගැනීමට නියමිතය.

මෙලෙස මිලදී ගැනෙන යූරියා, පොස්පේට් සහ පොටෑෂ් ඇතුළු පොහොර වර්ග 2020 මැයි 20 වැනිදා සිට ගොවි ජනතාවට බෙදාහැරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මීට අමතරව අල, ලූනු, මිරිස්, කහ, සුදු ලූනු වැනි අත්‍යවශ්‍ය භෝග දහසයක් සඳහා පනවා ඇති සහතික මිල අඛණ්ඩව පවත්වා ගන්නා බවත්, එම මිලට භෝග මිලදී ගැනීමට ගැනුම්කරුවන් නොමැති නම් රජය විසින් අනිවාර්යයෙන්ම එම අස්වනු මිලදී ගන්නා බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

 

නයන තරංග ගමගේ