යුක්රේනයේ නව කොරෝනා වයිරස ප්‍රභේද පහක්
යුක්රේනයේ කලාප නවයකින් සාම්පල් 50 ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව හඳුනාගෙන ඇතැයි යුක්රේනයේ මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කර ඇති බව සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.
B1, B1 1, B1 1 1, V1 5 සහ V2 ලෙස මෙම නව ප්‍රභේද හඳුනාගෙන ඇති අතර මෙම වයිරස චීනයේ ආරම්භ වූ ගෝලීය ජාන ප්‍රභේදයට අයත් වූවක් බව සඳහන් වන්නේ යැයි හෙතෙම පෙන්වා දෙයි.
දැනට මෙරට සංචාරය කරනු ලබන යුක්රේන ජාතිකයන්ට මෙම වයිරස් ප්‍රභේදයන් ආසාදනය වී ඇත්නම් එය මෙරට තුළ ව්‍යාප්ත වීමේ ඉඩකඩ බෙහෙවින්ම ඉහළ යා හැකි යැයි ඔහු සඳහන් කරයි. යුක්රේන් සංචාරකයන් මෙරට ක්‍රියාත්මක කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ හෝ පිළි නොපදින තත්ත්වයක් තුළ හා ඔවුන් සඳහා යම් යම් පාර්ශ්වකරුවන් විසින් නිරෝධායන නීතිද වෙනස් කිරීම තුළ මෙම නව වයිරස් ප්‍රභේදයන් ලංකාව ආක්‍රමණය කිරීම වැඩි ඈතක නොවන බවද එම සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි.
ශ්‍රියානි විජේසිංහ
