News

යුද හමුදා නිලධාරීන්ට උසස්වීම්

යුද හමුදාවේ 71 වන සංවත්සරය සහ ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදි තිබීම නිමිත්තෙන් යුද හමුදාවේ නිලධාරීන් 514දෙනෙකුට සහ සෙසු නිලයන් 14,140දෙනෙකුට නිල උසස්වීම් ලබාදුන් බව යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාධිපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිලධාරීන් 1984 දෙනෙකුට සහ සෙසුනිලයින් 41,910 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇත.

යුද හමුදාවේ සියලුම නිලයින්ගේ උපාය මාර්ගික හා තාක්‍ෂණික නිපුණත්වය තවදුරටත් ප්‍රවර්ධන කර ඉදිරි ගමනට ධනාත්මක ආකල්ප දියුණු කිරීමේ අරමුණින් තමා විසින් මෙම උසස්වීම් ලබා දුන් බව 71 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද හමුදාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.