යුද හමුදාවේ 177 කට උසස්වීම්
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුට උසස්විම් ලබා දි තිබේ.
ඒ අනුව බ්‍රිගේඩියර් නිලයේ සිටි 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලය දක්වාත් , ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බල සේනාවේ කර්නල් නිලයේ සිටි 04 දෙනෙකු බ්‍රිගේඩියර් නිලය දක්වාත් උසස් කෙරුණි.
එමෙන්ම මේජර් නිලයේ සිටි 09 දෙනෙකු ලුතිනන් කර්නල් නිලය දක්වාත් , කපිතාන් නිලයේ සිටි 69 දෙනෙකු මේජර් නිලය දක්වාත්, දෙවන ලුතිනන් නිලයේ සිටි 60 දෙනෙකු ලුතිනන් නිලය දක්වාත් උසස් කර තිබේ.
බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වා උසස් විම් ලැබු නිලධාරින් පස්දෙනා අතර මීට වසර කිහිපයකට ඉහතදි ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි කොටි හිතවාදීන්ට එරෙහිව නැගී සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාද වීම විශේෂත්වයකි.
