රක්ෂණ සමාගම් අතර තරඟයෙන් පාරිභෝගිකයන්ට වාසි
මෝටර් රථ ආනයනය තාවකාලිකව අත්හිටුවීම සහ ආර්ථික පසුබෑම හේතුවෙන් මෙරට මෝටර් රථ රක්ෂණ සමාගම් අතර ප්‍රබල තරගයක් ගොඩනැගෙමින් පවතින බව ලොව ප්රමුඛ වානිජ ආයතන ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් (Fitch Ratings) පවසයි.
මෙම තත්ත්වය මෝටර් රථ හිමිකරුවන්ට වාසිදායක බවත්, රක්ෂණ සමාගම් වඩ වඩාත් වරප්‍රසාද සිය රක්ෂණලාභීන්ට ලබාදීමට උත්සුක වෙමින් සිටින බවත් ෆිච් රේටිංග්ස් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට මෝටර් රථ ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර මේ හේතුවෙන් 2020 වර්ෂයේදී රක්ෂණ සමාගම් ලබන ලාභය 60%කින් පමණ හැකිලෙනු ඇතැයි ෆිච් රේටිංග්ස් අපේක්ෂා කරයි. ශ්‍රී ලාංකික රක්ෂණ සමාගම් දළ වාරික ආදායමෙන් 60%ක්ම රැස් කෙරෙනුයේ මෝටර් රථ රක්ෂණ වාරික වෙතිනි.
කොරෝනා වසංගතයත් සමගම ආර්ථික තත්ත්වය පහත වැටීමෙන් මෝටර් රථ හිමියන් සැලකිය යුතු සංඛ්‍යාවක් තෙවැනි පාර්ශ්වීය රක්ෂණ (Third – Party Insurance) වෙත යොමුවීම හේතුවෙන්ද රක්ෂණ සමාගම්වල ආදායම් තවදුරටත් පහත වැටී ඇත. මෙම තත්ත්වය මෝටර් රථ රක්ෂණ ඔප්පු හිමියන්ට වැඩි වැඩියෙන් වරප්‍රසාද, පහසුකම් ලබාදීම මෙන්ම වාරික මුදලද පහත හෙළීම වැනි පියවර වෙත යොමුවීම ශ්‍රී ලාංකික රක්ෂණ සමාගම්වලට සිදුව ඇතැයි ෆිච් රේටිංග්ස් පවසයි. මීට අමතරව සිය ආදායම් තහවුරු කර ගැනීම සඳහා ගිනි, දේපළ, සෞඛ්‍ය සහ ක්ෂුද්‍ර රක්ෂණ යන අංශ කෙරෙහි රක්ෂණ සමාගම්වලට වැඩි අවධානයක් යොමු කිරීමටද වී ඇතැයි ෆිච් රේටිංග්ස් වැඩිදුරටත් සඳහන් කරයි.
නයන තරංග ගමගේ
