News

රතන හිමි මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද(05) උදෑසන පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුනි.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදීම උන්වහන්සේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදි මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම සිදුවිය.

පසුගිය මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය විසින් හිමිකර ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමිගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් පසුගිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ සිව්වන වරටය.