News

රත්නපුර 103කට කොවිඩ්

මේ වන විට කොරෝනා-19 වයිරසය ආසාදිත පුද්ගලයන් 103 දෙනකු රත්නපුර දිස්ත්‍රිකකයෙන් වාර්තා වී ඇති බවත්, පවුල් 1583ක පුද්ගලයන් 4885 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම සඳහන් කළාය.

මේ වන විට ඇහැලියගොඩ පුද්ගලයන් 26 දෙනකු, රත්නපුරයෙන් පුද්ගලයන් 16 දෙනකු, කුරුවිට 13 දෙනකු, අයගම 16 දෙනකු, කිරිඇල්ල 19 දෙනකුද කහවත්ත කොට්ඨාසයෙන් දෙදෙනකු ද ඇළපාත 05 දෙනකු, ගොඩකවෙල එක් අයෙකු, පැල්මඩුල්ල එක් අයෙකු, ඇඹිලිපිටිය හතර දෙනකු ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව රෝගීන් වාර්තා වී තිබේ.

සුනිල් පියතිලක – කුරුවිට