රත්නපුර නගරය අධි අවදානම් තත්වයට පත් වෙලා
කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් රත්නපුර නගරය අධි අවදානම තත්වයට පත්ව තිබෙන බව වාර්තා වේ.
රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට ඊයේ(17) දිනයේ රැස්වූ එම දිස්ත්‍රික් කොරෝනා වෛරස මර්ධන කමිටුව තීරණය කරනු ලැබීය.
එමෙන්ම නගරයේ ප්‍රධාන පාසැල් තුනක්ද වසා දැමීමට තීරණය කර ඇත. මුස්ලිම් පල්ලි ද සියල්ල වසා දමා ඇත.
කුඩුගල්නත්ත ප්‍රදේශයේ අහඹු ලෙස සිදු වූ සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ 20කින් 07 දෙනෙකු ආසාදිතයන් යැයි හඳුනාගෙන තිබේ.
දිස්ත්‍රික්කය තුල මේ වන විට කොරෝනා ආසාදිතයන් 572ක් හඳුනාගෙන තිබේ.
