News

රත්මලානේ රොහා පොලිස් වෙඩි පහරින් මරුට

පාතාල අපරාධ හා හෙරොයින් ජාවාරමට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවකු වූ රත්මලානේ රොහා අද (24) අලුයම පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබේ.

සැකකරු ඊයේ (23) රාත්‍රියේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මියගොස් තිබේ.

ඔහු සන්තකයේ තිබී T56 ගිනි අවියක් හා රිවොල්වරයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.