රථයක් පෙරලී – කථිකාචාර්යවරු 5ක් රෝහලේ
කථිකාචාර්යවරුන් පස්දෙනෙක් ගමන්ගත් මෝටර් රථයක් අද (02) අලුයම 2.50ට පමණ අනතුරට පත්ව ඇත. ඒ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පිරිසක්.
ඒ බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිඳ හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේ දී යි. අඩි 40ක් පමණ ප්‍රපාතකට පෙරළී අනතුර සිදුව ඇත.
සිදුවූ අනතුරින් කථිකාචාර්යවරියන් සිව්දෙනෙක් හා කථිකාචාර්යවරයෙක් තුවාල ලබා ඇත. මොවුන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතර කථිකාචාර්යවරියන් අතර ගැබිනියක් ද වන බව පැවසෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කරනු ලබයි.
