රථ වාහන ආනයන තහනමට කුමක් වේවිද
රථ වාහන ආනයන තහනම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර තිබේ. ඔහු සඳහන් කරන්නේ රථ වාහන ආනයනය තහනම් කිරීමට ගත් තීරණය ලිහිල් කිරීමේ අවශ්‍යතාවක් මේ වන තෙක් පැන නැගී නොමැති බවකි.
“තහනමක් දැම්මේ යම්කිසි ජාතික හේතුවක් නිසා. අපේ මතය තමයි අපේ රටේ තව අවුරුද්දක් යනකල් අලුත් වාහන තියෙනවා කියන එක. එකෙන් ලොකූ හානියක් වෙන්නේ නෑ මාර්කට් එකට. ගානත් වැඩි කරලා තමයි විකුණන්නේ දැන්. ඒ වාසියත් ඒ අයට ලැබෙනවා. මේක ලිහිල් කිරීමට එච්චර ලොකු අවශ්‍යතාවයක් මෙතනදී පෙන්නේ නෑ. “
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපවාහිනී නාලිකාවක වැඩ සටහනකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.
