රනිල් ජනාධිපති කොමිසමට පැමිණෙයි
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අදාළව රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුටම පසුගියදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කළේය.
යහපාලන ආණ්ඩුකාලය තුළ ක්‍රියාත්මක වු ජාතික විධායක සභාවේ තීරණයක් හේතුවෙන් තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වු බව අදාළ පැමිණිල්ලෙන් වෛද්‍ය ජයතිලක පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව මංගල සමරවීර, රාවුෆ් හකීම් ,පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම ,දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, එම් ඒ සුමන්දිරන් හා අනුර කුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද මෙම සිද්ධියට අදාළ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
