News

රයිඩර්ගේ ඔත්තුවෙන් තවත් දෙකක් දැලේ

අතුරුගිරිය පොලිසියේ අත්අඩංගුවේ පසුවන රයිඩර් නැමති හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් ලද තොරතුරු මත තලංගම , අතුරුගිරිය , කඩුවෙල , නවගමුව ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන සැකකරුවකු සහ සැකකාරියක අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී අයිස් ග්රෑම් 125 ක් ද සැකකාරිය සන්තකයේ තිබී අයිස් ග්රෑම් 25 ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පදිංචි හිඹුටාන අංගොඩ ලිපිනයේ පිහිටි නිවස පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සදහා යොදා ගත් යතුරු පැදි 05 ක් ද සොයා ගෙන ඇත.