රාජිතට සහ රූමිට අධිචෝදනා පත්‍ර – සුදු වෑන් මාධ්‍ය සාකච්චාව.
පසුගිය ජනදිපතිවරණ සමයේ මහත් කතාබහට ලක්වූ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළේ යයි, චෝදනා ලබා සිටින රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් යන මහත්වරුන්ට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබුවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ එම විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාරදෙනු ලැබූ බව වාර්තා වේ.
එක් එක් විත්තිකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙක් ඥාතියෙකු විය යුතු බවටද නියෝග කළා.
