News

රැකියා අහිමි ලංකිකයෝ ඩුබායි උද්‍යානයක

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මේ වන විට රැකියා අහිමිවී සිටින ලාංකිකයන් පිරිසක ඩුබායි හි සැට්වා උද්‍යානයේ රැඳී සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. මේ වනවිට ඔවුන් සිටි වාසස්ථාන පවා අහිමි බව පැවසෙනවා.

ඉන් බොහෝ පිරිසක් මාස තුනක Visit Visa ලබාගෙන ඩුබායි වෙත පැමිණ රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කළ පිරිසක් බවද ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සඳහන් කරනවා.

රැකියා අහිමි වුවන් සති දෙකකට ආසන්න කාලයක් උද්‍යානයේ රැඳී සිටින බවත් පැවසෙනවා.