රැකියාවන් සඳහා පැමිණීමට හෙට සිට දුම්රිය වාර ගණන වැඩි කරයි
රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳාහා පැමිණීමට හෙට (18) සිට දුම්රිය වාර 19ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළේ මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදි දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 7ක් ධාවනය කෙරෙන අතර, මුහුදුබඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට නියමිතයි.
වැඩි දුරටත් අදහස් දැක්වු දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේ දුම්රිය ආසන වෙන් නොකළ දුම්රිය මඟින් සඳහා අවස්ථාවක් ලබා දී ඇති බවයි.
ඒ අනුව රාජකාරී හැඳුනුම්පත,තමාගේ ආයතනය මඟින් නිකුත් ලිපියක e-mail පණිවිඩයක් හෝ කෙටි පනිවිඩයක් (SMS) තිබේ නම් අදාළ දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ගමන් කිරිමට හැකි බව ද පැවසීය.
