News

රැදවියන් හමුවීමට අගෝ. 15 සිට යළි අවස්ථාව

රැදවියන්ට අමුත්තන් දැක බලා ගැනීම සදහා පනවා තිබූ තහනම් ලබන අගෝස්තු මස 15 වැනිදා සිට ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් එම වැඩපිළිවෙළ යළි ක්‍රියාත්මක කිරීමට අද සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී උපදෙස් ලැබුනු බවයි.

ඒ අනුව එක් රැදවියෙකු හමුවීම සදහා අමුත්තෙකුට සතියකට එක් වරක් පමණක් අවස්ථාව හිමිවනු ඇත. ඔවුන්ට රැගෙන ආ හැකි වන්නේ දත්බුරුසු, දන්තාලේඵන, සබන් ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් බවද තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේය.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග පසුගිය කාලයේ රැදවියන්ට අමුත්තන් දැක බලා ගැනීම සදහා අවස්ථාව හිමිනොවුණි.