රැපිඩ් පරීක්ෂණ සඳහා රෝහල් 24ක් තෝර ගනී
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා රෝහල් 42ක් තෝරාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අධ්යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක සඳහන් වන්නේ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල 1000 බැගින් සෑම රෝහලකටම මූලික අදියරේ ලබාදෙන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී ඇති ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල මෙලෙස රෝහල්වලට ලබාදී තිබේ. කොළඹ හා මහනුවර ජාතික රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, ජාතික අක්ෂි රෝහල ජාතික දන්ත රෝහල, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඇතුළු ශික්ෂණ හා මහ රෝහල්වලට මෙම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ලබාදී ඇත.
එහෙත් ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් නොකිරීම හේතුවෙන් රෝහල්වල මෙම පරීක්ෂණ ආරම්භ කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා මාර්ගෝපදේශ කඩිනම්කර නිකුත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍යාංශයේ රසායනාගාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක කියා සිටී.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ තවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමටද නියමිතව ඇත.
උදයජීව ඒකනායක
