රිජ්වේ රෝහලේ ළමයි තිදෙනකුට කොරෝනා
රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන දරුවන්ගෙන් දෙදෙනකු හෝ තිදෙනකු සෑම දිනකම කොවිඩ් ආසාදිතයන් බවට පත්වෙන බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.
සැත්කම්වලට ලක්වීමට සිටි දරුවන් තිදෙනකු සහ මව්වරුන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බව පීසීආර් පරීක්ෂාවේදී අනාවරණය වූයේ යැයි අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ අනුව නිවසේ ආසාදිතයකු සිටින්නේ නම් හෝ අවදානම් ප්‍රදේශයක් සමග යම් සබඳතාවක් පැවැත්වූයේ නම් ඒ පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය වහාම දැනුවත් කරන්නැයිද අධ්යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සැත්කම් සඳහා ලක්වීමට නියමිත දරුවන් මෙසේ ආසාදිත තත්ත්වයට පත්වෙන බැවින් ඔවුන්ගේ සැත්කම් පවා ප්‍රමාද වනු ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.
ශ්‍රියාණි විජේසිංහ
