CIDයේ නියෝජ්‍ය පොලිස්පතිට’ නීතිපතිගෙන් කැඳවීමක්
හිටපු අමාත්‍ය වරයකු වන රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන්ව නිදහස් කිරීමට අදාළ සියලු විමර්ශන ගොනු සමගින් හෙට (12) දින තමා හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීයාට කැඳවීම් සිදුකර ඇත.
මේ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර ඇත.
