රුසියාවේ සහ බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළට
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,727,937ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාව ද 258,344ක් දක්වා ඉහළ ගොස් ඇත.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 1,237,633ක්.
වැඩිම මරණ සංඛ්‍යාව ද එරටින් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 72,271ක්.
ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදියින් සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 250,561ක්.
ඉතාලියේ ආසාදිතයින් 213,013ක්, බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් 194,990ක්, ප්‍රංශයේ ආසාදිතයින් 170,551ක්, ජර්මනියේ ආසාදිතයින් 167,007ක්, රුසියාවේ ආසාදිතයින් 155,370ක්, තුර්කියේ ආසාදිතයින් 129,491ක් සහ බ්‍රසීලයෙන් බ්රසීලයෙන්ආසාදිතයින් 115,953ක් වාර්තා වේ.
ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන් වන අතර, එම සංඛ්‍යාව 29,427ක්.
ඉතාලියෙන් මරණ 29,315ක්, ස්පාඤ්ඤයෙන් මරණ 25,613ක් සහ ප්‍රංශයෙන් මරණ 25,531ක් වාර්තා වේ.
